අද කාලගුණය

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයටකිලෝමීටර් 180 ක්පමණනැගෙනහිරදෙසින්අක්ෂාංශ 8.4°N සහදේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය ක්‍රමයෙන් බටහිරදෙසටබරවනිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැක.
උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තුවිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදුප්‍රදේශවලධීවරසහනාවිකකටයුතුවලනොයෙදනලෙසදැනුම්දෙනුලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනවටා වන මුහුදු ප්‍රදේශ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර පොතුවිල් සිට මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහාපුත්තලම දක්වාවන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
පොතුවිල් සිට මඩකළපුව, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වාවන මුහුදු ප්‍රදේශයේ මුහුදුරළඋසමීටර්(2.5–3.0)ක්පමණඉහළයාමේහැකියාවක්දපවතී. එබැවින් එම මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වේ. දිවයිනවටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
232 Views
Comments