මහනුවර දුම්රිය නිල නිවාසයක අභිරහස් මරණයක්. දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

මහනුවර දුම්රිය නිල නිවාසයක අභිරහස් මරණයක්. දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර දුම්රිය නිල නිවාසයක අභිරහස් මරණයක්. දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර දුම්රිය නිල නිවාසකට ඇතුළු වීමට උත්සහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරු දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි මියගිය පුද්ගලයා පසුගිය 13 වැනි දින දුම්රිය නිල නිවසකට ඇතුළු වීමට උත්සහ කළ අවස්ථාවේ නිවසේ තනිව සිටි අවුරුදු 19 හා 23 වයස් වල පසුවූ තරුණියන් දෙදෙනෙකු බියට පත්ව කෑගසා ඇති බවයි වාර්තා වන්නේ.

 

එම හඬ ඇසී පැමිණි දුම්රිය නියාමකවරුන් දෙදෙනෙකු කළ පහරදීමකින් අදාළ පුද්ගලයා ඇද වැටී තුවාල ලබා තිබෙන බව ලද තොරතුරු මත පොලීසිය විසින් දුම්රිය නියාමකවරු දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

දුම්රිය නියාමකවරු පවසා ඇත්තේ තමන් මියගිය පුද්ගලයාට පහර නොදුන් බවත් ඔහු නිල නිවසේ ඉහළ මහලින් ඇද වැටී තුවාල ලැබූ බවත්ය.

 

මහනුවර පොලිසිය මීට අදාළ විමර්ශන සිදු කරයි.

 

views

229 Views

Comments

arrow-up