මාර්ග නඩත්තුවට අරමුදලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

මාර්ග නඩත්තුවට අරමුදලක්

මාර්ග නඩත්තුවට අරමුදලක්

මාර්ග නඩත්තුව වෙනුවෙන් අරමුදලක් ඇති කිරීමට යෝජනා වී ඇති බවත්, එයට රජයෙන් කෝටි 10 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, මාර්ග භාවිතා කරන්නන්ගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙස කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

 

මාර්ග නඩත්තුව සඳහා තව දුරටත් මුදල් අච්චු ගැසීම හා ණයට ගැනීම සිදුකළ නොහැකි බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුව ඇති බව ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

259 Views

Comments

arrow-up