නිදහස් උළෙලේ පීඨිකාව අසල කලහකාරී ලෙස හැසිරුණු දෙදෙනෙකු අත්අඩංගුවට

ගාලු මුවදොර නිදහස් උළෙල පැවැත්වීමට සූදානම් කර ඇති පීඨිකාව ආසන්නයේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) රාත්‍රියේ ඔවුන් එම ස්ථානයේ ඡායාරූප ගැනීමට සූදානම් වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් ඊට විරුද්ධ වීමත් සමඟ ඇති වූ කලහකාරී තත්ත්වයක් මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් හා 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
232 Views
Comments