ඇමරිකානු තානාපතිනිය නුවරඑළියේ සංචාරයක

නුවරඑළිය, සීතාඑළිය සිදෙයිඅම්මාන් කෝවිලේ පාලක සභාවේ ආරාධනාවක් අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන් මහත්මිය අද (07) එම කෝවිලේ සංචාරයක් සඳහා පැමිණියාය.
එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිශ්ණන් මහතා ඇතුළු සෙසු නිලධාරීහු විසින් තානාපතිනිය ව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූහ.
සිදෙයිඅම්මාන් කෝවිලේ එතුමිය වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වන ලදී.
මෙම පූජාවෙන් පසුව තුර්කියේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය අයට පිං අනුමෝදන් කරමින් එතුමියගේ සහභාගිත්වයෙන් පූජාවක්ද සිදු කර තිබේ.
ඇමරිකානු තානාපතිනිය නුවරඑළිය සීතාඑළිය සිදෙයිඅම්මාන් කෝවිලට පැමිණීම සනිටුහන් කරමින් එම කෝවිලේ පාලක සභාව විසින් ඇය වෙත සිහිවටන තිළිණයක් ද පිරිනැමූහ.
266 Views
Comments