සිරුරට ගිනි ඇවිලී මිය ගිය දෙදරු පියා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

සිරුරට ගිනි ඇවිලී මිය ගිය දෙදරු පියා

සිරුරට ගිනි ඇවිලී මිය ගිය දෙදරු පියා

අද අළුයම සැක කටයුතු අයුරින් සිරුරට ගිනි ඇවිලී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පිලිබද පුවතක් කළුතර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද, කුරේ මාවතේ පදිංචි සිටි මොහොමඩ් තව්ෆික් මොහොමඩ් සෆ්රාස් නම්43 හැවිරිදි දෙදරු පියෙකි.කළුතර දකුණ පොලීසිය පවසන ආකාරයට අද අළුයම 2.00 ට පමණ ගිනිගැනීම සිදුව ඇති අතර 1990 සුවසැරියෙන් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව ඔහු මියගොස් තිබේ.

 

අඹුසැමි යුවල අතර කලක සිට පවුල් ආරවුලක් පැවති බවත්, මිය ගොස් ඇති තැනැත්තා මසක පමණ කාලයක් පවුලෙන් වෙන්ව සිට ඇති බවත්, පෙර දින නිවසට පැමිණ සිය බිරිඳ සමග ගැටුමක් ඇති කරගෙන අවුරුදු දෙකක් වයසැති දියණිය රැගෙන දුම්රියට පැනීමට උත්සාහ දරා ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

 

කළුතර අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

views

228 Views

Comments

arrow-up