බලංගොඩ සහ රක්වානට අලි වැටක්

බලංගොඩ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ දිගු කලක සිට පවතින ගැටලුවක් වන අලි තර්ජනයට විසඳුමක් ලෙස කිලෝ මීටර් 54 ක් පමණ දිගින් යුතු අලි වැටක් ඉදිකිරිමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ, රත්නපුර දිස්ත්‍රික්කයේ වන අලි නිසා ජනතාවගේ ජිවිත හානි හා වගා හානි පිළිබඳව පැවති සාකච්ඡාවකට එක් වීමෙන් අනතුරුවයි.
රක්වාන මැතිවරණ කොට්ඨාසයේ පැවති අලි වැටට අමතරව තව කිලෝ මීටර් 08 ක අලි වැටක් ද ඉදි කිරිමට නියමිතය.
මාස 03 ක් වැනි අඩු කාලයකින් මෙම වැට ඉදිකර අවසන් කිරිමට නිලධාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.
245 Views
Comments