FEB
14
දියවන්නා ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක්

බත්තරමුල්ල, දියවන්නා ඔයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ලද තොරතුරක් අනුව අද උදෑසන මළ සිරුර සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. ඒ අසල තිබී ඇගේ පාවහන් යුගල ද සොයා ගත් බව පොලිසිය පැවසී ය. වැලිකඩ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
228 Views
Comments