FEB
14
ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැත

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නොමැති බවයි.
මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර ඇත්තේ මුදල් අච්චු ගැසීමෙන් හා විදෙස් ණය ගැනීමෙන් වුවත් පවතින තත්ත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
219 Views
Comments