බීමත් පුද්ගලයෙක් සිදු කළ අනතුරකින් කහටගස්දිගිලියේ අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

බීමත් පුද්ගලයෙක් සිදු කළ අනතුරකින් කහටගස්දිගිලියේ අයෙක් මරුට

බීමත් පුද්ගලයෙක් සිදු කළ අනතුරකින් කහටගස්දිගිලියේ අයෙක් මරුට

කහටගස්දිගිලිය නගරය ආසන්නයේ ඊයේ (13) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස්  තවත් සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

 

මෙම අනතුරෙන් මියගොස් තිබෙන්නේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පියෙක් බවටයි වාර්තා වන්නේ.

 

කහටගස්දිගිලිය නගරයට ආසන්නව පිහිටි තුරු සෙවන නමැති ස්ථානයේදී මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. මෝටර් රථ කාර්මිකයෙකු වූ ජීවිතක්ෂයට පත් පුද්ගලයා සිය පුතා සමඟ මෝටර් රථය පිළිසකර කිරීමට එම ස්ථානයට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

 

කාර්මික දෝෂයට ලක්වූ මෝටර් රථයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ සමග තවත් කුඩා දරුවෙකු එම අවස්ථාවේ එහි සිටි බව සඳහන්.


මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටින අතරතුර බීමතින් පැමිණි පුද්ගලයකු සමඟ ඔවුන් බහින්බස් වී ඇති බව වාර්තා වනවා. එම බහින් බස් වීම දුරදිග යාම නිසා කෝපයට පත් වෑන් රථයේ රියදුරා මාර්ගයේ ඉදිරියට ගොස් නැවත වෑන් රථය ආපසු හරවාගෙන මෝටර් රථය අසල සිටි පිරිස යට කරගෙන එය ධාවනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. 


රෝහලට ඇතුලත් කරන විටත් මෝටර් රථ කාර්මිකයා මියගොස් සිටි අතර තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කහටගස්දිගිලිය රෝහලට ඇතිකර ඇතුළත් කර තිබෙනවා.


 අනතුර සිදු කළ සැකකාර රියදුරා කහටගස්දිගිලිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි වියේ පසු වන්නෙක් බවයි පොලීසිය පවසා සිටියේ.

 

සැකකරු අද (14) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

views

217 Views

Comments

arrow-up