සේපාල් අමරසිංහට සමාව

සමාජ ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතා, දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව දැනුම් දීමෙන් පසු ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද තීන්දු කළේය.
තම සේවාදායකයා මහනායක හිමිවරුන්ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බව, සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
කොන්දේසි විරහිතව සමාව අයැද සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සේපාල් අමරසිංහ මහතා සමාව අයැද සිටියේය.
186 Views
Comments