මහියංගණය - පදියතලාව මාර්ගයේ පිරිමි මළසිරුරක්

මහියංගණය පොලිසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මහියංගණය පදියතලාව මාර්ගයේ දෙහිගොල්ල පාසල අසල තිබී පිරිමි මළසිරුරක් හමු වූ බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා සුදු පැහැති ටී ෂර්ට් එකක් හා සුදු පැහැති කොට කලිසමක් හැඳ සිටි බව පොලිසිය සඳහන් කරයි.
උස අඩි 5 යි අඟල් 2 ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් හිමි මියගිය පුද්ගලයා අවුරුදු 65 ත් 70 ත් අතර අයෙකු බව ද, ඔහුගේ කොණ්ඩය අඟල් 1.5 ක් පමණ වැවී තිබූ බවද, දකුණු කකුලේ දණහිසට පහළින් බෙහෙත් දමන ලද තුවාලයක් ඇති බවද වාර්තා වේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැඩිදුර විමර්ශනය මහියංගනය පොලීසිය විසින් සිදු කෙරේ.
198 Views
Comments