FEB
28
ඉදිරි දින කිහිපයේ වායු දූෂණ තත්වයක් පැවතිය හැකි බවට අනාවැකියක්

යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායුගෝල තත්ත්වය ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
අද (28) උදෑසන මෙම නගරවල ශුද්‍ර අංශු ප්‍රමාණය 101ත් 150ත් අතර මට්ටමේ පැවති බවත්, මෙය සංවේදි පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් යම් අපහසුතා ඇතිවිය හැකි අගයක් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හෙට (01) දිනයේදී වායු දූෂණ තත්ත්වය තරමක් අඩුවිය හැකි අතර, ඉදිරි දින කිහිපයේ දී යළි සැළකිය යුතු මට්ටමකට ඉහළ යා හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
208 Views
Comments