ලක්ෂ හතක අඹ හොරෙන් කැඩූ කල්ලියක් කොටු වෙයි

ඊයේ (27) සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවිපොළක අක්කර 20ක් පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සිව්දෙනා එදින පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.
සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙම සැකකරුවන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය පවසයි.
සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
263 Views
Comments