යතුරුපැදියට හෙරොයින් දමා අහිංසකයෙකු ඇල්ලූ අයට වැඩ වරදී

හික්කඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කල විමර්ශනයක දී හික්කඩුව සංචාරක පුරවරයේ විදේශිකයන්ට කුලී රථ සපයන ස්ථානයක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් තුල තිබී හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
පසුව පොලීසිය කල පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ යම්කිසි පුද්ගලයකු වෙනත් අයෙකු ලවා එම යතුරු පැදියට හෙරොයින් දමා ඇති බවයි.
ඒ අනුව එම යතුරු පැදියට හෙරොයින් දැමීම සම්බන්ධයෙන් පුද්ගලයකු හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියේ හිමිකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.
පොලීසිය පැවසූවේ මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් කුලීරථ සපයන ආයතන දෙකක අමනාපයක් මත මෙය සිදුකර ඇති බවත්ය.
මෙම යතුරු පැදියේ හෙරොයින් ඇති බවට පොලීසිය වෙත දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ අදාළ යතුරු පැදියට හෙරොයින් දැමීමට අනුබල දුන් පුද්ගලයාම බවද හෙලිවී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
190 Views
Comments