ආණ්ඩුකාරවරුන්ගේ විශේෂ හමුවක් අද කොළඹදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ආණ්ඩුකාරවරුන්ගේ විශේෂ හමුවක් අද කොළඹදී

ආණ්ඩුකාරවරුන්ගේ විශේෂ හමුවක් අද කොළඹදී

අද (14) සියලුම ආණ්ඩුකාරවරුන් කොළඹට කැඳවා තිබේ. අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍යවරයා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි.

 

පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කරමින් විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍යවරයා පසුගිය වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එම කාලය ලබන 19 වැනිදායින් අවසන් වේ. ඒ අනුව පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු පිළිබඳ අද (14)  පැවැත්වෙන සාකච්ඡාවේ දී අදහස් හුවමාරු වේ.

 

පළාත් පාලන ආයතනවල පාලනය ලබන 19 වැනිදායින් පසු කොමසාරිස්වරුන් යටතට පත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

views

198 Views

Comments

arrow-up