වරාය අදත් අකුරට වැඩ

මේ රජය පැනවූ නව බදු සංශෝධන වලට එරෙහිව වරාය වෘත්තී සමිති අද දෙවන දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් වරායට සිදුවී ඇති දෛනික පාඩුව කෝටි 150 කට ආසන්න බව වරාය වෘත්තීය සමිති පවසා සිටින අතර, අද දිනය තුළ නිසි පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේ ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.
මේ අතර රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහක් ඉටුකරගැනීම පිණිස අද මැදියම් රැයේ සිට දුම්රිය එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට දුම්රිය වෘත්තිය සමිති පවසා සිටී.
189 Views
Comments