ගුරුවරු හෙට යළිත් වර්ජනයට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ගුරුවරු හෙට යළිත් වර්ජනයට සැරසේ

ගුරුවරු හෙට යළිත් වර්ජනයට සැරසේ

අධ්‍යාපන ලේකම්, ගුරු වෘත්තීය සමිති නායකයින් සහ ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් සමග පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ.

 

ගුරු සංගම් තීරණය කර ඇත්තේ, ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණොත් හෙට (22) දිනයේ ගුරුවරුන් කොළඹ දී විරෝධතාවක නිරත වන බවයි.

 

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික පාසල්  මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරුවීම් සියල්ල අහෝසි කරන බවටත්, ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරන බවයි.

views

219 Views

Comments

arrow-up