ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් සිවු දෙනෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් සිවු දෙනෙක් අතුරුදන්

ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් සිවු දෙනෙක් අතුරුදන්

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිවුදෙනෙක් අද (21) අතුරුදන්ව තිබෙන අතර වාර්තාකරු පැවසුවේ, ඔවුන් සිවුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන බවය.

 

විනෝද චාරිකාවක් සඳහා පැමිණි තරුණයන් දසදෙනෙක් එම දිය ඇල්ලේ නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඉන් සිවුදෙනෙක් දියේ ගිලී තිබේ. කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකත් විසිතුනත් අතර පසුවන තරුණයන් සිවුදෙනෙක් මෙලෙස අතුරුදන්ව ඇත.

views

240 Views

Comments

arrow-up