ඉන්ධන අලෙවිය අඩු වීමෙන් පිරවුම්හල් වැසී යෑමේ අවදානමක්

දිගින් දිගටම ඉන්ධන අලෙවිය අඩු වීම නිසා, පිරවුම්හල්වල මාසික ආදායම 30% - 40% ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවට වාර්තා වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටින්නේ, වෙනදා පිරවුම්හල්වලට රැගෙන එන ඉන්ධන තොග දිනක් හෝ දෙකක් ඇතුළත අවසන් වුවත් මේ වන විට ඊට දින තුන හතරක කාලයක් වැයවන බවයි.
මෙම තත්ත්වය මත ඉන්ධනහල් වැසීයාමේ අමදානමක් ද මතුව ඇතැයි කියා සිටින එම සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා, අනාගතයේ දී පිරවුම්හල්වල සේවකයන් ඉවත් කිරීමට පවා සිදු ඇති බවට ද අනතුරු ඇඟවීමක් කර සිටී.
දැනට මාසිකව මෝටර් රථයකට ලැබෙන පෙට්‍රල් ලීටර් 80 ලබාගැනීමට රුපියල් 32,000 ක මුදලක් වැය කළ යුතු බවත්, ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම රජය හඳුන්වාදී ඇති QR කේතය ද ඉන්ධන අලෙවිය අඩු වීමට හේතු වී ඇති බවත් කියා සිටින ඒ මහතා මෙම තත්ත්වය මත ඉදිරියේදී QR කේතයක් අවශ්‍ය නොවනු ඇති බවද තවදුරටත් කියා සිටියේය.
282 Views
Comments