බූරු මූණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් හික්කඩුවේ කාන්තාවක් දැලේ

2022 වසරේ ඔක්තෝබර් 31 වනදා හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී සිදු වූ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාව මත කාන්තාවක් හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හික්කඩුව නාලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එම කාන්තාව, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය භාරයේ සිටින රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා විසින් සිදු කරන ලද පාපොච්චාරණයකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ සිදු වී ඇති මෙම ද්විත්ව ඝාතනය සඳහා සැකකාර කාන්තාව තමාට ලක්ෂ 20 ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව බූරු මූණා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇති අතර සැකකාර කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 2 ක රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව හික්කඩුව පොලිසිය සඳහන් කර ඇත.
193 Views
Comments