නව පොලිස්පති පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න කරති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

නව පොලිස්පති පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න කරති

නව පොලිස්පති පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රශ්න කරති

නව පොලිස්පතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රියාපටිපාටිය, යොදා ගෙන ඇති නිර්ණායක සහ පක්ෂග්‍රාහී වෙමින් ව්‍යවස්ථාමය විධිවිධාන උල්ලංඝනය කර තිබීම යන කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධය ප්‍රකාශ කොට ඇත.

 

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ නව පොලිස්පතිවරයෙකු තෝරා පත්කර ගැනීම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් අපේක්ෂා කරන පරිදි විනිවිදභාවයක් සහිතව සිදු කළ යුතු බවයි. 

 

 

එම තනතුර සඳහා නොගැළපෙන පුද්ගලයෙකු පත්කිරීම මහජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ රජය කෙරෙහි පවතින අවිශ්වාසය තවදුරටත් වැඩිකරගැනීමට හේතු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

එවැනි භාරදූර තනතුරක් වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණයේ කිසිදු සාපරාධී හෝ මූලික අයිතිවාසිකම් නඩු නොපැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ජනාධිපතිවරයා විසින් එම තනතුරට අදාලව අනුමත කරන නිර්ණායක ජනතාව අතර ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් එම සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

views

235 Views

Comments

arrow-up