රූපවාහිනී සංස්ථාවට පාඩු කළ බවට කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට නඩු

2014 වසරේ දෙසැම්බර් මස 02 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් නව ලක්ෂ අනූදහසක මුදලක් වැය කර ජී අයි බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට, එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම නඩුව අප්‍රේල් මස 03 වන දා කැඳවන ලෙස කොළඹ මහ අධිකරණය නියෝග කළ අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජිතයෙකු විසින් අධිකරණයට රැගෙන විත් තිබූ මෙම නඩුවට අදාළ ලේඛන වල පිටපත් පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥවරුන්ට ලබා දෙන ලෙසත් අධිකරණය නියෝග කළේය.
230 Views
Comments