ඉන්දියාවේ සිට ගෙනා හොරබඩු තොගයක් උඩප්පුවේදී අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ඉන්දියාවේ සිට ගෙනා හොරබඩු තොගයක් උඩප්පුවේදී අල්ලයි

ඉන්දියාවේ සිට ගෙනා හොරබඩු තොගයක් උඩප්පුවේදී අල්ලයි

අද අළුයම හලාවත උඩප්පුව ප්‍රදේශයේ දී කළ වැටලීමකදී, ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙනැවිත් බෙදා හැරීමට රැගෙන ගිය බීඩි කොළ, වියළි මිරිස් සහ කොත්තමල්ලි තොගයක් නාවික හමුදාව හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

නාවික හමුදා භාරයට ගත් ලොරි රථයේ තිබී ගෝනි 36 ක ඇසිරූ බීඩි කොළ කිලෝ 1128, ගෝනි හතරක ඇසිරූ වියලි මිරිස් කිලෝ අනූ නමයක් සහ ගෝනි 8 ක ඇසිරූ කොත්තමල්ලි කිලෝ 129 ක් සොයාගෙන ඇති බව අනාවරණය වේ.

 

මීගමුව කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

views

186 Views

Comments

arrow-up