අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙක් දියේ ගිලී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙක් දියේ ගිලී මිය යයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙක් දියේ ගිලී මිය යයි

ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු මුහුදේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලය පිටුපස ඇති මුහුදේ දිය නෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් එම සිසුවා බේරාගෙන ඔලුවිල් රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව සඳහන් වේ.

 

මෙම සිසුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

181 Views

Comments

arrow-up