දුගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ගැන IMF එකෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

දුගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ගැන IMF එකෙන් ප්‍රකාශයක්

දුගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ගැන IMF එකෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (21) දින ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) ට අදාල විධිවිධාන මගින් සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන සඳහා රජය විසින් අවම වියදම් මට්ටමක් නියම කර ඇති බවයි.

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.286 අනුමත කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පැවසුවේ එම වැඩසටහන මගින් ශ්‍රී ලංකා බලධාරීන් SSN වියදම් සඳහා වෙන්කරනු ලැබුවේ රුපියල් බිලියන 187 ක් බවය.

 

 

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන (SSN) දුර්වල ඉලක්ක හේතුවෙන් පීඩා විඳින බවත් ඒ වෙනුවෙන් 2023 වසර පුරා ප්‍රතිසංස්කරණ සිදු කරන බවත් Masahiro Nozaki මහතා අවධාරණය කොට ඇත. 

 

 

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය (WBB) ක්‍රියාත්මක කිරීම, නව සමාජ ලේඛනයක් (SR) සහ නිර්ණායක සංවර්ධනය කිරීම හා නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම එම ප්‍රතිසංස්කරණ වලට අයත් බව වාර්තා වේ.

views

345 Views

Comments

arrow-up