ජල සම්පාදනයත් වර්ජනයට සැරසෙයි

අද (14) සිට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට පියවර ගෙන තිබේ. ඒ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමිනි.
ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවත්, මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් අයකිරීම, නව ජල සම්බන්ධතා ලබා දීම සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම සිදු නොවන අතර පොම්පාගාර කටයුතු පමණක් පවත්වාගෙන යන බවත් එහි සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.
සියලුම සේවකයන් අද (14) දිනයේ වරුවක් සහ හෙට (15) දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වන බව කියා සිටි ඔහු හෙට දිනයේ රත්මලාන ප්‍රධාන කාර්යාලයට රැස්වෙන ජල සම්පාදන සේවකයින් දහවල් 11.30 ට රත්මලාන ගොලුමඩම හන්දියේදී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.
226 Views
Comments