මැතිවරණය ඉල්ලා ජාතික ජන බලවේගය උසාවි යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

මැතිවරණය ඉල්ලා ජාතික ජන බලවේගය උසාවි යයි

මැතිවරණය ඉල්ලා ජාතික ජන බලවේගය උසාවි යයි

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් මාර්තු මස 09 වන දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු තිස් පස් දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ.

views

187 Views

Comments

arrow-up