රිදියගම සෆාරි උද්‍යානයේ රෝගීව සිටි කේසර අවාසනාවන්ත ලෙස මිය යයි

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කේසර නම් පිරිමි සිංහයා නිවුමෝනියාව, හෘදය ආශ්‍රිත රෝගාබාධ සහ දිගු කලක් මානසික අවපීඩනයෙන් පෙළීම හේතුවෙන් මිය ගිය බව එහි නිලධාරීන් ප්‍රකාශ කොට ඇත.
කේසර 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී උපත ලබා ඇති අතර ඔහු බිහිකළ සිංහ ධේනුව කේසරව ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ තුවාලයක් නිසා මියගොස් ඇත. පසුව කම්කරුවන් සහ පශු වෛද්‍ය කණ්ඩායමක රැකවරණය යටතේ කේසර හැදී වැඩුණු බව වාර්තා වේ.
පසුගිය සතියේ සිංහයා මියගොස් ඇති අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු පහහමාරක් බවද කේසරගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව පෙණහලුවල යම් යම් ගැටළු සහ හදවතේ ඇති වූ ගැටළු බවට හෙළි වූ බවද සෆාරි උද්‍යානය විසින් දැනුම් දී ඇත.
කෙසේ වෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා කියා සිටියේ සිංහයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සිංහයාගේ පටක පේරාදෙණිය සත්ව රෝහල වෙත යවා ඇති බවයි.
232 Views
Comments