මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තිදෙනෙක් තමිල්නාඩුවේදී දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තිදෙනෙක් තමිල්නාඩුවේදී දැලේ

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තිදෙනෙක් තමිල්නාඩුවේදී දැලේ

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ වියළි මුහුදු කූඩැල්ලන් 1200 Kg ක් සමග සැකකරුවන් තිදෙනෙකු තමිල්නාඩු පොලිසිය විසින් පසුගියදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරුවන් අතරින් දෙදෙනකු තලෙයිමන්නාරමේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා රාමනාතපුරම් ධීවර වරායේ බෝට්ටුකරුවෙකු බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ.

 

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය මුහුදු කූඩැල්ලන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඒ සමගම ඉන්දියාව ද මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, ප්‍රවාහනය හා අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති නීති රීති දැඩි කොට තිබෙන බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් මෙම වියළි මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බව සඳහන් වේ. තමිල්නාඩු වෙරළබඩ පොලිසිය විසින් මෙම සැකකරුවන් තිදෙනා තමිල්නාඩු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

views

243 Views

Comments

arrow-up