ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන දියුණු කරන්න ජාත්‍යන්තර සහය

මෙරට ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය නංවාලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහාය පළකර තිබෙන බවට වාර්තා වේ.
දැනට ආර්ථික මධ්‍යස්ථාන 18 ක් පිහිටුවා ඇති අතර පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව අතර පවතින දුරස්ථභාවය හේතුවෙන් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ලැබී නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේය.
එම සංවිධානය කළ පරීක්ෂණයකට අනුව මෙම ආර්ථික මධ්‍යස්ථාන වල පළතුරු සහ එළවළු අපතේ යාම නිසා වාර්ෂිකව සිදුවන ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ බව වාර්තා වේ.
225 Views
Comments