මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස කරගෙන ගිය හොර ලයිසන් ජාවාරම හසු වූ හැටි

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස පවත්වාගෙන ගිය රියදුරු බලපත්‍ර ඇතුළු තවත් ව්‍යාජ ලේඛණ සකස් කරන ස්ථානයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළව එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.
සැකකරු විසින් දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් දහස් ගණනින් මුදල් ලබාගෙන ව්‍යාජ බලපත්‍ර සකස් කර දී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.
එහිදී, ව්‍යාජ ලෙස සකස් කර තිබූ රියදුරු බලපත්‍ර 20 ක්, බැංකු කාඩ්පත් 07 ක්, ආදායම් බලපත්‍ර 03 ක්, විවිධ පුද්ගලයන්ගෙන් සොරකම් කරන බවට සැක කෙරෙන හැදුම්පත් 04 ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටී.
247 Views
Comments