රත්නපුර බටුවත්තේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක්

රත්නපුර බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවගේ මළ සිරුරක් රත්නපුර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මෙම නිවස තුළ සහෝදරියන් දෙදෙනකු ජීවත්ව ඇති අතර, ඉන් එක් අයෙකුගේ සිරුර මෙලෙස සොයාගෙන ඇති බවත්, එම කාන්තාව 78 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවත් අනාවරණය වී තිබේ.
අනෙක් කාන්තාව නිවස තුළ බැඳ දමා සිටියදී හමුව ඇති අතර, කිසියම් පිරිසක් ඊයේ (27) රාත්‍රියේ හෝ අද (28) අලුයම නිවසට ඇතුළු වී ඇති බවට පොලිසිය සැක පළ කර සිටී.
සොයාගත් මෘත ශරීරය මේ වන විට රත්නපුර රෝහල වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි.
260 Views
Comments