2020 වසරේ කටුනායක ඉඩමකින් කෙසෙල්කැන් සොරකම් කළ දෙදෙනෙකුට සිර දඬුවම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

2020 වසරේ කටුනායක ඉඩමකින් කෙසෙල්කැන් සොරකම් කළ දෙදෙනෙකුට සිර දඬුවම්

2020 වසරේ කටුනායක ඉඩමකින් කෙසෙල්කැන් සොරකම් කළ දෙදෙනෙකුට සිර දඬුවම්

2020 වර්ෂයේ සැප්තැම්බර් මස 22 හෝ ඊට ආසන්න දිනයකදී කටුනායක වල්පොල ප්‍රදේශයේ දී ඉඩමකට අයුතු ලෙස ඇතුල් වී රුපියල් 3500 ක් වටිනා කෙසෙල් කැන් සහ සොරබඩු පැහැරගෙන යෑම යන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය ඊයේ (21) බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් නියම කරනු ලැබූ බව වාර්තාවේ.

 

කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් දෙදෙනෙකුට මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ගේ පෙර වැරදි නොමැති නිසා එම බරපතළ වැඩ සහිත සිර දඬුවම, වසර දහයකට අත්හිටුවන ලෙසට නියම කෙරිණි.

 

එම වසර 10 තුළ යහපත් කල් ක්‍රියාවෙන් සිටින ලෙසට විත්තිකරුවන්ට විනිසුරුවරිය දැනුම් දී ඇත.

views

289 Views

Comments

arrow-up