මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් කෑගල්ලේ හමුදා සෙබළෙකු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් කෑගල්ලේ හමුදා සෙබළෙකු අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ගත් කෑගල්ලේ හමුදා සෙබළෙකු අල්ලයි

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්, යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

කෑගල්ල, උඩවත්ත පදිංචිකරුවෙක් වන මොහු වසර තිස් හතරක් යුද හමුදාවේ සෙබළෙකු ලෙස රත්මලාන කඳවුරේ ස්වෙච්ඡා භට සේනාංකයේ සේවය කර ඇති අයෙක් වන අතර, දැනට කොළඹ තරු පහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය නියුතු අයෙක් බවට අනාවරණය කොට ගෙන ඇත.

 

වැල්ලවත්ත සිට මොරටුව දක්වා ප්‍රදේශ භාරව කටයුතු කරන යුද හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස ඔහු තමන්ව හඳුන්වා දී ඇති අතර, ඔහු කිසිදු හිරිහැරයක් නොමැතිව ජාවාරම සිදු කර ගෙන යාමට උදව් කරන බව දන්වමින් කප්පම් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. මොහු අවස්ථා කිහිපයක දී යුද, නාවික, ගුවන් හා පොලිස් බුද්ධි නිලධාරීන්ද නොමඟ යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

228 Views

Comments

arrow-up