එකම පවුලේ හතර දෙනෙකු ගේ මළසිරුරු වවුනියාවේ නිවසකින් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

එකම පවුලේ හතර දෙනෙකු ගේ මළසිරුරු වවුනියාවේ නිවසකින් හමු වෙයි

එකම පවුලේ හතර දෙනෙකු ගේ මළසිරුරු වවුනියාවේ නිවසකින් හමු  වෙයි

වවුනියාව, ගුඩ්ශඩ් වීථීය ප්‍රදේශයේ නිවසක තිබී මවගේ, පියාගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. මෙම මළ සිරුරු අද (07) උදෑසන සොයාගත් බව වාර්තා වේ. පියා විසින් දරුවන් දෙදෙනා සහ බිරිඳව ඝාතනය කර ඔහු ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය විසින් සැක කරයි.

 

පියා 41 හැවිරිදි අයෙක් බවත්, මව 36 හැවිරිදි අයෙක් බවත් මියගිය එක් දියණියක් 9 හැවිරිදි හා අනෙක් දියණිය 3 හැවිරිදි අයෙක් බවට අනාවරණය වී තිබෙන අතර දරුවන් දෙදෙනාගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක තිබී හමුව ඇත. බිරිඳගේ මළ සිරුර නිදන කාමරයක තිබී හමු වු බව වාර්තා වේ.

views

244 Views

Comments

arrow-up