ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් යයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන බව වාර්තා වේ.
මැතිවරණ දිනය පිළිබඳව මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ මුද්‍රණයට අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ මෙම පියවර ගත් බවත් දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඉතා සුරක්ෂිතව තබා ඇති බවත් රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කරයි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොමැති වීම, මුදල් ලබා නොදීම ඇතුළු කරුණු හේතුවෙන් පසුගිය කාලයේ එම කටයුතුවලට අඛණ්ඩව බාධා එල්ල විය.
අවශ්‍ය සියලු පහසුකම් හිමිවන්නේ නම්, දින 25ත් 30ත් අතර කාලයකදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට හැකියාව පවතින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
244 Views
Comments