කප්පම් ඉල්ලා කළ වෙඩි තැබීමකින් වයෝවෘධ කතකට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

කප්පම් ඉල්ලා කළ වෙඩි තැබීමකින් වයෝවෘධ කතකට බරපතළයි

කප්පම් ඉල්ලා කළ වෙඩි තැබීමකින් වයෝවෘධ කතකට බරපතළයි

ඊයේ (20) අවිස්සාවේල්ල වැවිල කටුවාවිල නිවසක තනිව සිටි වයෝවෘධ කතක් බියකර රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයකු  සිදු කළ වෙඩි තැබීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 

 

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ සමරසිංහ ආරච්චිගේ පත්මාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවකි.

 

රාත්‍රී 8.00ට පමණ නිවස ඉදිරිපිටට මුහුණ වැසෙන සේ ලෝගුවකින් සැරසී පැමිණි නාඳුනන  පුද්ගලයා අඩි තුන හතරක් පමණ දිගැති ගිනි අවියක් එල්ල කර වයෝවෘද්ධ කාන්තාවට දොර අරින ලෙස තර්ජනය කර තිබේ. එලෙස  කෑගසන පුද්ගලයා කවුදැයි සොයා බැලීම සඳහා ඇය ජනේලයෙන් පිටත බැලීමේදී එම පුද්ගලයා දැක ඇති බවත්, රුපියල් පනස්දාහක් දෙන්න බැරිනම් 20000 දීපන් යනුවෙන් එම පුද්ගලයා දොරට පහර දී ඇති බවත්, එය විවෘත වේ යැයි බියෙන් දොර අසලට ගොස් එය තදකරගෙන අල්ලා සිටීමේදී මෙම වෙඩි ප්‍රහාරය ඇයට එල්ල වී ඇති බවත් පොලිසිය පවසයි. 

 

ඉන් අනතුරුව එම කාන්තාව තම ඥාතියෙකු ට දුරකථනයෙන් මේ බව පවසා ඇති අතර ඔවුන් පැමිණ ඇයව හොරණ  මූලික රෝහල වෙත ඇතුලත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි. 

 

වෙඩි  ප්‍රහාරය ඇයගේ උදරයේ වම් පැත්තට එල්ල වී ඇති අතර ශල්‍යකර්මයකට ද ලක් කිරීමට පියවර ගන්නා බව රෝහල් ප්‍රකාශකයා කියා සිටී. 

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

219 Views

Comments

arrow-up