පියා වෙනුවෙන් අක්මාව පරිත්‍යාග කළ ඉන්දීය දැරිය

කේරළ දැරියක් තම අක්මාවෙන් කොටසක් පියාට දන් දී ඔහුගේ ජීවිතය බේරාගෙන ඇති අතර ඇය 17 හැවිරිදිය. සිය පියාට අක්මාවෙන් කොටසක් දන්දීම සඳහා කේරළයේ වෙසෙන දේවානන්දා දැරිය උසාවියෙන් ද අවසර ලබාගෙන මේ උතුම් ක්‍රියාව සිදුකර ඇත.
බාලවයස්කරුවන්ගෙන් අවයව ලබාගැනීම ඉන්දීය නීතිය අනුව වාරණය කර ඇති නමුත් දේවානන්දාට මේ සඳහා අවසරය ලැබී ඇත. මේ සැත්කමෙන් පසුව ඇගේ පියා ද යහපත් සුවයෙන් පසුවේ. දේවානන්දා තිසුර් හි පාසලක අධ්‍යාපනය හදාරයි. ඉන්දීය මාධ්‍යවල ඇගේ පරිත්‍යාගය බෙහෙවින් ඇගයීමට ලක්ව ඇත.
235 Views
Comments