ගොවි ගිණුම් වලට මුදල් යැවීම ප්‍රමාද කිරීම ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

වී වගා කරන ගොවීන්ගේ ලක්ෂ 12 ක මුදල් ගිණුම්ගත කිරීමේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා දේශපාලන පක්ෂ දෙකකට සහයෝගය දක්වන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින් පිරිසක් කටයුතු කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබි තිබේ. මෙම මුදල් ගොවි ගිණුම්ගත කිරීම ප්‍රමාදවීම සහ ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා රුපියල් මිලියන 1300 ක් ආපසු හරවා එවා ඇති අතර ඇතැම් ගොවිජන සේවා බලප්‍රදේශවලින් මෙතෙක් ගොවි ගිණුම් අංක එකක් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී නැත.
ඊයේ (13) පස්වරුවේ මෙම කාරණා සම්බන්ධව පසු පිරික්සා බැලීම හා සමාලෝචනය කිරීමේ රැස්වීමක් කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එහිදී, මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට නිලධාරින් කණ්ඩායමක් පත් කිරීමට පියවර ගන්නා ලද අතර, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවි ගිණුම් අංකයක්වත් නිවැරදිව සදහන් කිරීමට නොහැකි මෙන්ම රජයේ වැඩපිළිවෙළවල් දේශපාලන වුවමනාවන් මත කඩාකප්පල් කිරීමට කටයුතු කරන රජයේ සේවකයින් පිරිසක් රාජ්‍ය සේවය තුළ කටයුතු කිරීම ඛේදජනක සිද්ධියක් බවය.
206 Views
Comments