විදුලිබල මණ්ඩලයේ සේවකයෝ හෙට ලෙඩ වෙති

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හා ලංවිම සේවකයින්ට මෙතෙක් නොගෙවූ හිඟ දීමනා ලබා දීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයින් හෙට (08) දින ලෙඩ නිවාඩු දමා දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
මීට සමගාමීව හෙට උදෑසන 10.00 ට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට, සියලුම වෘත්තිය සමිති වල දහස් ගණනක් වූ සේවක සහභාගීත්වයෙන් විශාල විරෝධතාවක නියැලෙන බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්ත පවසයි.
මීට අමතරව කටයුතු සැපයුමක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍යය වාර සේවා හැර අනෙකුත් සියලුම සේවකයින් අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශ කර ඇත.
මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැපයුම සදහා කිසිදු බාධාවක් සිදු නොවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද එම සංගමය කියාසිටි.
221 Views
Comments