අවයව බද්ධකිරීම් නැවතීමේ අවදානමක්

ලබන මාසයේ සිට ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් අවයව බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් පවතී. ඊයේ (19 දා) දිවයින පුරා රෝහල්වල අවයව බද්ධ කිරීම සහ සැසඳීම සඳහා ප්‍රතික්‍රීයක හිඟය උග්‍ර වී තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය. තවදුරටත් එම ආරංචිමාර්ග පවසන්නේ, බද්ධ කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක යුරෝපා රටවලින් මිලදී ගන්නා බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුට රුපියල් මිලියන 500 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බැවින් සැපයුම්කරු ප්‍රතික්‍රීයක ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් ය.
හදිසි ශල්‍යකර්ම පොරොත්තු ලේඛනවල මාස ගණනක සිට අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත මේ වනවිට දැඩි අනතුරට පත්ව තිබෙන බවද ප්‍රතික්‍රීයක ආනයනයට සංස්ථාව එක් සැපයුම්කරුවකු පමණක් තෝරා ගැනීමෙන් එහි ඒකාධිකාරයක් හටගෙන තිබෙන බව ද ආරංචි මාර්ග පවසයි. රෝගී ජීවිත අනතුරට පත්ව ඇත්තේ, එක් රෝගියකුගේ ප්‍රතික්‍රීයක පරීක්ෂණ සහ සැසඳීම සඳහා රුපියල් ලක්ෂ 05 කට අධික මුදලක් වැය කෙරෙන අතර රෝගියකුට එවැනි මුදලක් දැරීම අපහසු වන බැවින් ය.
204 Views
Comments