අනුමත ණය සීමාව තුළ අරමුදල් සපුරා ගැනීමට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයා විසින් අනුමත ණය ගැනීමේ සීමාව තුළ අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත බලය පැවරීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. 2022 අංක 43 දරන විසර්ජන පනත මගින් 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ලබාගැනීමේ සීමාවක් සඳහා බලය ලබාදී ඇත. ඇස්තමේන්තු කර ඇත්තේ, මුළු දළ ණය මුදල දේශීය මූලාශ්‍ර හරහා රුපියල් බිලියන 3526 ක් සහ විදේශීය මූලාශ්‍රවලින් රුපියල් බිලියන 1453 ක් වන ලෙස ලබාගැනීමට ය.
මෙම වර්ෂය තුළ ණය ආපසු ගෙවීම්, පොලී ගෙවීම් හා සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා එම සීමාව භාවිත කළ යුතුව තිබේ. විදේශීය මුදලින් සිදුකළ යුතු මුළු ණය සේවා ගෙවීම් මෙම වසරේ මුල් මාස 06 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2609 ක් ලෙස ඇස්තමේන්තුගතකර තිබේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 540 ක් පොළී ගෙවීමට ද ඩොලර් මිලියන 2069 ක් විදේශ ණය වාරික ආපසු ගෙවීම සඳහාද වෙන්කර ඇත. මෙම විදේශීය මුදලින් සිදුකළ යුතු මුළු ණය සේවා ගෙවීම් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 709 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ණය සහ ඒ සඳහා පොලිය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 46 ක් ද ඇතුළත්ව ඇත.
191 Views
Comments