නෞකා මගින් සිදුවන තෙල් කාන්දු නිරීක්ෂණයට නව ක්‍රමයක්

චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණය කිරීමටයි.
අදාල කැබිනට් පත්‍රිකාවට අනුව අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මෙරටට විශාල ආදායමක් උපයා ගත හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාව පළමුව කෙටිකාලීන නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යංශය මඟින් ප්‍රදානයක් ලෙස යුරෝ 601,810ක් ලබාදීමට නියමිත බවද අදාළ කැබිනට් පත්‍රකාවේ සදහන් වේ.
ඒ අනුව වසරක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාව ලබා ගැනීමට අදාලව Collected Localiztion Satellites (CLS) හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අත්සන් කිරීමට ද අදාල කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වන්නේ ඉන්ධන කාන්දුවීම් කල්තියා හඳුනා ගැනීමෙන් පරිසරයට,මහජන සෞඛ්‍යයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට ඇතිවිය හැකි අවදානම් සහ බලපෑම් අවම කිරීම මඟින් මෙරට වෙරළ තීරය ආරක්ෂා කරගැනීම, මෙරට මුහුදු තීරයේ නැව් ආශ්‍රිත තෙල් කාන්දුවීම් නිරීක්ෂණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තෙල් කාන්දුවීම් හඳුනා ගැනීම මගින් සමුද්‍ර දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද වැඩි දියුණු කිරීම යන කරුණු කාරණා වේ.
268 Views
Comments