අන්තරේ විරෝධතාවට අදත් තහනම් නියෝගයක්

පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිත විරෝධතාවයකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) දිනයේ දී නියෝගයක් කර තිබේ.
මේ අනුව අද (07) පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලු මුවදොර සහ අවට ප්‍රදේශ කිහිපයකට පෙළපාලිවලින් ඇතුළු වීම ඔවුන්ට තහනම් වනු ඇත.
අධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ, සාමකාමී ලෙස උද්ඝෝෂණ සිදුකළ හැකි බවයි.
229 Views
Comments