MAR
07
ත්‍රිකුණාමලය ඩිපෝවේ සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ත්‍රිකුණාමලය ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයන් විසින් ඩිපෝ කළමනාකාරවරයාට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
අද (07) උදෑසන සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ, කළමනාකාරවරයාගේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවට ඔවුන් විසින් පවසමින්ය.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය ඩිපෝවේ කිසිදු බස් රථයක් ධාවනය නොවන බව වාර්තා වී තිබේ.
208 Views
Comments