මිනීමැරුමක සැකකරුවෙකුට පළායාමට උදවු කළ පිරිසට වැඩ වරදී

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටියදී මිනීමැරුම් චෝදනා එල්ල වූ සැකකරුවකුට පැන යාමට උදව් කළ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මීගමුව, මිනුවන්ගොඩ සහ කටුවැල්ලේගම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
ඔවුන් ප්‍රධාන සැකකරුට පොලිසියෙන් පැන යාමට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එම පහසුකම සපයා දීමට හා විවිධ ප්‍රදේශ වලට යාමට භාවිතා කළ මෝටර් රථ දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
සැකකරුවන් සිව්දෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
185 Views
Comments