ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළිත් කොට උඩ

චන්ද පත්‍රිකා මුද්‍රණය සදහා මේ වන තෙක් මුදල් ලැබී නැති නිසා තවදුරටත් මෙම තත්වය තුළ චන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාවක් නොමැති බව, රජයේ මුද්‍රණාලයේ ප්‍රකාශකයෙකු විසින් සදහන් කළේය.
මීට පෙර මැතිවරණ අවස්ථාවලදී මැතිවරණ දිනය ලෙස ප්‍රකාශ කළ දිනය අදාල චන්ද පත්‍රිකාවල මුද්‍රණය වන අතර, එහි සංශෝධන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කරුණු විමසන බව රජයේ මුද්‍රණාලය පැවසීය.
එමෙන්ම මේ වන විට දිස්ත්‍රික්ක 17 ක තැපැල් චන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවද එම ප්‍රකාශකයා විසින් වැඩි දුරටත් සදහන් කළේය.
කෙසේ වෙතත් චන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වන බව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ මෙම තත්වය පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවහොත් කොමිසමේ සාමාජිකයන් රැස් වී ඒ පිළිබඳව සාකච්චා කර ඉක්මන් තීරණයක් ගන්නා බවයි.
එමෙන්ම, නිල තැපැල් චන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 21 වැනි දා තැපෑලට භාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
195 Views
Comments