කටුගස්තොට උපරතන නාහිමියන්ට ඇමරිකාවෙන් උපහාර

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේට ඇමරිකා එක්සත් ජනපදය සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකරන ලද ආගමික හා සමාජයීය සේවාව ඇගයීම උදෙසා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් Lifetime Achievement Award ගෞරව සම්මානය ප්‍රදානය කොට තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ජීවිතයේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන මෙම සම්මානය, පසුගියදා මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී ඉන්දු ඇමරිකානු ව්‍යවසායක කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී එලීෂා පුලිවර්ත් විසින් උපරතන හිමිපාණන් වෙත ප්‍රදානය කෙරුණු අතර, මෙම සම්මානය ලබාගත් පළමු ශ්‍රී ලාංකික බෞද්ධ හිමිනම වන්නේද පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් ය.
2021 වසරේ ජාත්‍යන්තර වෙසක් දිනය ධවල මන්දිරයේ පැවැත්වීම සඳහා ආරාධනා හිමිවූයේ ද උපරතන හිමිපාණන් වහන්සේ වෙතයි.
206 Views
Comments