ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයකට ඇතුළු කර ආසියාවෙන් අංක එකට ගේන්න ජනපති සැරසෙයි

හරිත ආර්ථිකයකට ඇතුළු වන ආසියානු කලාපයේ පළමු රට ලෙස, ශ්‍රී ලංකාව ඉදිරි මාස දෙක තුළ හරිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්, හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අභිප්‍රාය බව කියා සිටින ජනාධිපතිවරයා, සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, බයෝ ගෑස් මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීම කෙරෙහි ද ඉදිරි කාලයේ අවධානය යොමු කරන බව කියා සිටී.
ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගිවීමට මෙරටට පැමිණි ආයෝජකයන් සමග ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනපතිවරයා මෙම අදහස් පළ කොට සිටියේය.
248 Views
Comments